අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසා දැමීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
මාර්ගයට පස් සහ ගල් පෙරළීමේ අවදානමක් පවතින බැවින්, රථවාහන ධාවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පූර්වාරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගත් බව පොලිසිය සඳහන් කළේය.
නැවත දැනුම් දෙන තුරු අදාළ මාර්ග කොටස භාවිත නොකර විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.




