කඩවත ප්‍රදේශයේ කුඹුරු යායක සරුංගල් අරිමින් සිටි 17 හැවිරිදි තරුණයෙකුට තරුණයින් තිදෙනෙකු විසින් පිහි ප්‍රහාරයක් එල්ල කළ බව කඩවත පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් ගෙල ප්‍රදේශයට බරපතළ තුවාල ලැබූ තරුණයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කළේය.
පොලිස් විමර්ශනවලට අනුව, තුවාල ලැබූ තරුණයා සිය නිවස පිටුපස පිහිටි වෙල් යායක සරුංගල් අරිමින් සිටියදී යතුරුපැදිවලින් පැමිණි තරුණයින් තිදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු සහ ඔහු සමඟ පැමිණි තවත් තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රහාරයට හේතුව ප්‍රේම සම්බන්ධතාවයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ප්‍රධාන සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී ඇති අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා පසුව කඩවත පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් තිදෙනා අද (31) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




