හදිසි
Island edition
··
LankaNews
දේශීය

වෙන්නප්පුව අනතුරකින් පුද්ගලයෙක් මරුට

වෙන්නප්පුව පොලිස් වසමේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 2026 ජූලි 30 වන දින උදෑසන කොළඹ–පුත්තලම මාර්ගයේ දුම්මලදෙනිය ප්‍රදේශයේදී පුත්තලම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් අතුරු මාර්ගයක ස…

By Site Administrator1 මිනිත්තු කියවීම
වෙන්නප්පුව අනතුරකින් පුද්ගලයෙක් මරුට

වෙන්නප්පුව පොලිස් වසමේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

2026 ජූලි 30 වන දින උදෑසන කොළඹ–පුත්තලම මාර්ගයේ දුම්මලදෙනිය ප්‍රදේශයේදී පුත්තලම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පිටුපස ගමන් කළ මගීන් දෙදෙනෙකු මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් මගියෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 58ක් වන වයික්කාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න