හදිසි
Island edition
··
LankaNews
දේශීය

මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් 2026 ජූලි 30 වන දින සවස…

By Site Administrator1 මිනිත්තු කියවීම
මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් 2026 ජූලි 30 වන දින සවස වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 360ක් සමඟ 62 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන් විසින් යටවත්ත වාලවෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 500ක් සමඟ 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් වැටලීමකදී කැප්පෙටිපොල පොලිසිය විසින් දඹවින්න ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 130යි මිලිග්‍රෑම් 500ක් සහ හෙරොයින් ග්‍රෑම් 52යි මිලිග්‍රෑම් 200ක් සමඟ 31 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය, යටවත්ත සහ කැප්පෙටිපොල පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න