හදිසි
Island edition
··
LankaNews
දේශීය

A9 අනතුරකින් දෙදෙනෙක් මරුට

කනගරායම්කුලම් පොලිස් වසමේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 2026 ජූලි 30 වන දින උදෑසන A9 මාර්ගයේ කිලෝමීටර් 217 කණුව ආසන්නයේදී යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට පාල…

By Site Administrator1 මිනිත්තු කියවීම
A9 අනතුරකින් දෙදෙනෙක් මරුට

කනගරායම්කුලම් පොලිස් වසමේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

2026 ජූලි 30 වන දින උදෑසන A9 මාර්ගයේ කිලෝමීටර් 217 කණුව ආසන්නයේදී යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රියදුරු සහ රිය සහයකයා මාන්කුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 21 සහ 22 වන වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කනගරායම්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න