සමාජ මාධ්‍යයේ මුහම්මද් නබිතුමා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහසක් පළ කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන්, සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකු වන අනෝජන්ට එරට අධිකරණය වසර පහක බරපතළ සිරදඬුවමක් නියම කර තිබේ.
ඊට අමතරව, සෞදි රියාල් මිලියන 3ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 27ක් පමණ) දඩ මුදලක්ද නියම කර ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති.
අනෝජන් පසුගිය ජුනි 30 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ අතර, ෆේස්බුක්හි ඔහු පළ කළ අදහස අරාබි භාෂාවට පරිවර්තනය කර බලධාරීන් වෙත පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව මෙම නඩුව ගොනු කර තිබූ බව සඳහන් වේ.
පසුව ඔහු අදාළ අදහස ඉවත් කරමින්, තම ක්‍රියාව පිළිබඳ කනගාටුව පළ කර ඉස්ලාම් ප්‍රජාවෙන් සමාව ඉල්ලා වීඩියෝ පණිවිඩයක්ද නිකුත් කර තිබුණි.
ඔහු නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන වෙත පවුලේ සාමාජිකයන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම, අධිකරණය නියම කළ දඩ මුදල ගෙවීම සඳහා ජනතාවගෙන් මූල්‍ය ආධාරද ලැබෙමින් පවතින බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති.




