හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශීය

කංජිපානිගේ තර්ජන හඬපටය ගැන නව තොරතුරු හෙළිවේ

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් කතරගම සහ දෙවිනුවර දේවාලයන්හි බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මහතාට සිදුකළ බව කියන තර්ජනයට අදාළ හඬපටය වට්ස්ඇප් ඔස්සේ යොමුකර ඇත්තේ, මැලේසියාවේදී අ…

By Site Administrator··1 මිනිත්තු කියවීම
කංජිපානිගේ තර්ජන හඬපටය ගැන නව තොරතුරු හෙළිවේ

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් කතරගම සහ දෙවිනුවර දේවාලයන්හි බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මහතාට සිදුකළ බව කියන තර්ජනයට අදාළ හඬපටය වට්ස්ඇප් ඔස්සේ යොමුකර ඇත්තේ, මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ කුඩු සයිමා විසින් බවට අනාවරණ වී තිබේ.

මැලේසියානු පොලීසිය සහ මෙරට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් ඔහුව ලබන සතියේ මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන පෙළේ ගෝලයෙකු ලෙස සැලකෙන රත්මලානේ කුඩු සයිමා සම්බන්ධයෙන් අපරාධ රැසක් පිළිබඳ තොරතුරු මේ වනවිට අනාවරණ වී තිබේ.

පොලීසියට ලබාදුන් ප්‍රකාශයකදී ඔහු සඳහන් කර ඇත්තේ අදාළ හඬපටය කංජිපානි ඉම්රාන් සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උණාකූරුවේ ශාන්ත සමඟ සැලසුම් කර බස්නායක නිලමේවරයා වෙත යැවූ බවයි.

එමෙන්ම, කංජිපානි ඉම්රාන් විසින් විවිධ අවස්ථාවල සිදුකළ තර්ජනාත්මක හඬපට ඔහුගේ උපදෙස් මත අදාළ පුද්ගලයන් වෙත වට්ස්ඇප් මඟින් යැවීමට කටයුතු කළ බවද ඔහු පවසා තිබේ.

කංජිපානි ඉම්රාන් මැලේසියාවේ රැඳී සිටින බවට ලැබුණු බුද්ධි තොරතුරු මත මෙරට පොලිස් කණ්ඩායමක් පසුගියදා මැලේසියාව බලා පිටත්ව ගොස් තිබුණි.

කෙසේ වෙතත්, පොලිස් කණ්ඩායම අදාළ ස්ථානයට ළඟාවන විට කංජිපානි ඉම්රාන් එම ස්ථානයෙන් පලාගොස් තිබූ අතර, රත්මලානේ කුඩු සයිමා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ තොරතුරු රැසක් හෙළිවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න