හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශීය

නවතා ඇති නිවාස ව්‍යාපෘති අවසන් කිරීමට නව වැඩසටහනක්

ඉදිකිරීම් අතරමඟ නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබේ. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අ…

By Site Administrator··1 මිනිත්තු කියවීම
නවතා ඇති නිවාස ව්‍යාපෘති අවසන් කිරීමට නව වැඩසටහනක්

ඉදිකිරීම් අතරමඟ නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබේ.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමේදී මේ බව සඳහන් කළේය.

විවිධ හේතූන් මත අතරමඟ නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති 5,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අමාත්‍යවරයා පැවසීය.

එම ව්‍යාපෘති අතරින් භාවිතයට ගත හැකි තත්ත්වයේ පවතින නිවාස හඳුනාගෙන, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකුගේ සම සභාපතිත්වයෙන් සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුව මේ වන විට අදාළ තොරතුරු රැස් කරමින් නිවාස හඳුනා ගැනීම සහ ඉදිරි කටයුතු සඳහා නිර්දේශ සකස් කිරීමේ කටයුතුවල නිරතව සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, අඩක් ඉදිකර ඇති නිවාස සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය පවුල් සඳහා ලබන වසරේ ආධාර ලබාදීමට තීරණය කර ඇති අතර, ඒ යටතේ පවුල් 2,000කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති ඇතුළු නිවාස ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමටද අමාත්‍යාංශය තීරණය කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න