හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශීය

විදුලි කුළුණට නැගි පුද්ගලයාට පාඩුව ගෙවන්න නියෝගයක්

පවුල් ආරවුලක් මුල්කර ගනිමින් විරෝධය පළ කිරීම සඳහා අධිසැර විදුලි සම්ප්‍රේෂණ කුළුණකට නැගි පුද්ගලයෙකුට, ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූ පාඩුව වන්දි ලෙස ගෙවන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම…

By Site Administrator··1 මිනිත්තු කියවීම
විදුලි කුළුණට නැගි පුද්ගලයාට පාඩුව ගෙවන්න නියෝගයක්

පවුල් ආරවුලක් මුල්කර ගනිමින් විරෝධය පළ කිරීම සඳහා අධිසැර විදුලි සම්ප්‍රේෂණ කුළුණකට නැගි පුද්ගලයෙකුට, ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූ පාඩුව වන්දි ලෙස ගෙවන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිද්ධිය ජූලි 21 වන දින කඹුරුපිටිය ප්‍රදේශයේදී සිදුව ඇති අතර, අදාළ පුද්ගලයා සිය විරෝධය දැක්වීම සඳහා අධිසැර විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට අයත් කුළුණකට නැග තිබේ.

ඒ හේතුවෙන් තිහගොඩ, කඹුරුපිටිය, අකුරැස්ස, මුලටියන, දෙයියන්දර, මාවරල සහ දෙනියාය ඇතුළු ප්‍රදේශ රැසකට පැය දෙකකට අධික කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවිය.

පසුව පොලීසිය විසින් ඔහුගේ පවුලේ සාමාජිකයන් එම ස්ථානයට කැඳවීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා කුළුණෙන් පහළට බැස තිබේ.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026 ජූලි 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ජූලි 24 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී, සිද්ධිය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූ මූල්‍ය පාඩුව ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කඹුරුපිටිය පොලිසියට නියෝග කළේය.

ජූලි 28 වන දින නඩුව යළි කැඳවූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ විදුලි විසන්ධි වීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් 201,059.90 ක පාඩුවක් සිදුව ඇති බවයි.

නඩු විභාගයේදී සැකකරු වරද පිළිගත් අතර, ඒ අනුව එම පාඩුව සඳහා වන්දි ගෙවන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට නියෝග කර ඇත.

වැඩිදුර නඩු කටයුතු සඳහා නඩුව 2026 නොවැම්බර් 03 දක්වා කල් තබා තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න