හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශීය

හිටපු පොලිස්පති මරණය: ආරක්ෂක නිලධාරියාගෙන් වැදගත් සාක්ෂියක්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී, ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් (697) සුසන්ත කඩුවෙල මහතා වැදගත් සාක්ෂිය…

By Site Administrator··2 මිනිත්තු කියවීම
හිටපු පොලිස්පති මරණය: ආරක්ෂක නිලධාරියාගෙන් වැදගත් සාක්ෂියක්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී, ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් (697) සුසන්ත කඩුවෙල මහතා වැදගත් සාක්ෂියක් ලබා දී තිබේ.

සිද්ධිය වූ දින උදෑසන හිටපු පොලිස්පතිවරයා තම රාජකාරි ගිනිඅවිය වන මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලය සහ ඊට අදාළ පතොරම් තමාගෙන් ඉල්ලා සිටි බව සැරයන්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

එම ගිනිඅවිය “අලුත් එකක්ද නැතහොත් පරණ එකක්ද” යන්න පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බව පවසමින් එය ඉල්ලා සිටි බවත්, මීට පෙර කිසිදු අවස්ථාවක හිටපු පොලිස්පතිවරයා මෙලෙස රාජකාරි ගිනිඅවිය ඉල්ලා නොමැති බැවින් එය අසාමාන්‍ය ඉල්ලීමක් වූ බවත් ඔහු සඳහන් කර තිබේ.

ගිනිඅවිය සහ පතොරම් ලබාදුන් පසු වතුර බෝතලයක් ගෙන එන ලෙස හිටපු පොලිස්පතිවරයා පැවසූ බවත්, ඒ සඳහා නිවස තුළට ගිය අවස්ථාවේ වෙඩි ශබ්දයක් ඇසුණු බවත් සැරයන්වරයා වැඩිදුරටත් පවසා ඇත.

සාක්ෂි සලකා බැලූ කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා, සිද්ධියට අදාළ මිලිමීටර් 9 පිස්තෝලය, පතොරම් කොපු ඇතුළු නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස පොලීසියට නියෝග කර ඇත.

අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශනය මාළඹේ පොලිසියෙන් ඉවත් කර බස්නාහිර පළාත් දකුණ භාර විශේෂ විමර්ශන ඒකකය (SIU) වෙත පවරා තිබේ.

මාළඹේ තලහේන ප්‍රදේශයේ පිහිටි නිවසේදී වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ 63 හැවිරිදි හිටපු පොලිස්පතිවරයා, මුල්ලේරියාව කොළඹ නැගෙනහිර මූලික රෝහල වෙත රැගෙන යන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න