හදිසි
Island edition
··
LankaNews
දේශීය

සිසුවෙකුට පහරදීම: ශිෂ්‍ය නායකයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

මහනුවර ප්‍රමුඛ පෙළේ පිරිමි පාසලක උසස් පෙළ හදාරන සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසුන් සිව්දෙනෙකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පහරකෑමට ලක්ව ර…

By Site Administrator1 මිනිත්තු කියවීම
සිසුවෙකුට පහරදීම: ශිෂ්‍ය නායකයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

මහනුවර ප්‍රමුඛ පෙළේ පිරිමි පාසලක උසස් පෙළ හදාරන සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසුන් සිව්දෙනෙකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පහරකෑමට ලක්ව රෝහල්ගත කර සිටින සිසුවාගේ මව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ශිෂ්‍ය නායකයන්ගේ පහරදීමට ලක්වූ උසස් පෙළ සිසුවා මේ වනවිට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. එමෙන්ම, ඔහු වෙනත් සිසුවෙකුට පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලක් අනුව ඊයේ (29) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ශිෂ්‍ය නායකයන් පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කිරීමෙන් අනතුරුව, දෙමාපියන්ගේ පැමිණිල්ල මත ප්‍රකාශ සටහන් කරගනිමින් සැකකාර ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න