නීති විරෝධී මත්පැන් සහ එම මත්පැන් පෙරීමට භාවිත කරන ගෝඩා සමඟ සැකකරුවන් දෙදෙනෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026.07.27 වන දින රාත්‍රී හලාවත පොලිස් වසමේ කරවිටාගාර වැව ආසන්නයේදී හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 380ක් (බෝතල් 507ක්) සහ නීති විරෝධී මත්පැන් පෙරීමට භාවිත කරන ගෝඩා ලීටර් 1,012ක් (බැරල් 05ක්) සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 සහ 41 වයස්වල පසුවන පුද්ගලයන් බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




