කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2026.07.27 වන දින උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එහිදී සැකකරු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 480ක් සොයාගෙන පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




