හදිසි
Island edition
··
LankaNews
දේශීය

චීන සැකකරුවන්ට භාෂා පරිවර්තකයෙකු අනිවාර්ය කරයි

චීන ජාතික සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී භාෂා පරිවර්තකයකුගේ සහාය ලබාදෙන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා උපදෙස් ලබාදී තිබේ. අධිකරණ රෙජි…

By Site Administrator1 මිනිත්තු කියවීම
චීන සැකකරුවන්ට භාෂා පරිවර්තකයෙකු අනිවාර්ය කරයි

චීන ජාතික සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී භාෂා පරිවර්තකයකුගේ සහාය ලබාදෙන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා උපදෙස් ලබාදී තිබේ.

අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට ලබාදුන් උපදෙස් අනුව, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර සියලුම පොලිස් ස්ථාන දැනුවත් කරන ලෙස දැනුම් දී ඇත.

කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් නීතිවිරෝධී ලෙස විදේශීය දුම්වැටි 16ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් චීන ජාතික සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම තත්ත්වය ඇති වී තිබේ.

සැකකරුට චෝදනා පැහැදිලි කිරීම සඳහා සුදුසු භාෂා පරිවර්තකයකු පොලිසිය විසින් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් අධිකරණ කටයුතුවලට බාධා ඇති වූ බව වාර්තා වේ.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් කරුණු විමසා සිටිමින්, විදේශීය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට චෝදනා පැහැදිලි කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළේය.

පසුව අධිකරණයේ සිටි තවත් චීන ජාතිකයෙකු භාෂා පරිවර්තනය සඳහා ඉදිරිපත් වූ අතර, අදාළ සැකකරුට චෝදනාව පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔහු වරද පිළිගෙන තිබේ.

ඒ අනුව, සැකකරුට රුපියල් 2,000ක දඩයක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න