හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය විසින් අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත දමා තිබේ. වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ, පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම සිදු කර ඇති බවයි. ඒ අන…

By Site Administrator1 මිනිත්තු කියවීම
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය විසින් අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත දමා තිබේ.

වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ, පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම සිදු කර ඇති බවයි.

ඒ අනුව, රතු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 71කින්, රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 18කින් සහ කඩල කිලෝග්‍රෑමයක මිල රුපියල් 8කින් අඩු කර තිබේ.

මීට අමතරව රතු කැකුළු සහල්, බී ළූණු, අර්තාපල්, දේශීය නාඩු සහල්, සුදු සීනි, තිරිඟු පිටි සහ ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලද පහත දමා ඇත.

දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට මෙම භාණ්ඩ නව සහන මිල ගණන් යටතේ මිලදී ගැනීමට හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න