හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශීය

දෙවිනුවර පෙරහරට විශේෂ රථවාහන සැලැස්ම

ගන්දර පොලිස් වසමේ පිහිටි දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනය කරයි. 2026 ජූලි 14 වැනිදා ආරම්භ වූ ප…

By Site Administrator··1 මිනිත්තු කියවීම
දෙවිනුවර පෙරහරට විශේෂ රථවාහන සැලැස්ම

ගන්දර පොලිස් වසමේ පිහිටි දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනය කරයි.

2026 ජූලි 14 වැනිදා ආරම්භ වූ පෙරහර අගෝස්තු 5 වැනිදා දක්වා පැවැත්වෙන අතර, පළමු පෙළි පෙරහර ජූලි 23 වැනිදා ආරම්භ වී ජූලි 29 වැනිදා පැවැත්වෙන මහා රන්දෝලි පෙරහරෙන් අවසන් වේ. කාවඩි පෙරහර ජූලි 28 වැනිදා පැවැත්වීමට නියමිතය.

ජූලි 28 සහ 29 යන දෙදින සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ–කතරගම ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා මාතර සහ තංගල්ල අතර ගමන් කරන රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

මෙම පෙරහර සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 650 දෙනෙකු, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 100 දෙනෙකු සහ බුද්ධි අංශ නිලධාරීන් රාජකාරි සඳහා යොදවා ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න