නකල්ස් ජෝඩු ඇල්ලේ දිය නෑමට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී දිය ඇල්ලෙන් පහළට වැටී 14 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පන්විල පොලිසිය පැවසුවේ, නකල්ස් දෙමළ මහා විදුහලේ 09 වැනි වසරේ සිසුන් පස් දෙනෙකු පසුගිය 22 වැනිදා පස්වරු 4.30ට පමණ දිය නෑමට ගොස් ඇති අතර ඡායාරූප ගැනීමට යාමේදී සිසුන් දෙදෙනා දිය ඇල්ලෙන් පහළට ඇද වැටී ඇති බවයි.
එක් සිසුවකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් සිසුවා මඩොල්කැලේ රෝහලේ සිට මහනුවර ජාතික රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ තවලන්තැන්න නකල්ස්වත්තේ පදිංචි බී. සල්ජිත් සහ කේ. ඩිලෝන් යන සිසුන් දෙදෙනා බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පන්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




