හදිසි
Island edition
··
LankaNews
දේශීය

හැටන්-කොළඹ මාර්ගයට ගසක් කඩා වැටෙයි

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද (23) උදෑසන විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය. අද පෙරවරු 6.10ට පමණ සිදුවූ මෙම අනතුර, කාර්යාල සේවකයින් සහ ප…

By Site Administrator1 මිනිත්තු කියවීම
හැටන්-කොළඹ මාර්ගයට ගසක් කඩා වැටෙයි

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද (23) උදෑසන විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය.

අද පෙරවරු 6.10ට පමණ සිදුවූ මෙම අනතුර, කාර්යාල සේවකයින් සහ පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් ගමන් ගන්නා කාර්යබහුල වේලාවක සිදුව තිබේ.

ගස මාර්ගය හරහා කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ දෙපස දැඩි රථවාහන තදබදයක් ඇති වූ අතර, මගීන් රැසක් අපහසුතාවට පත්ව ඇත.

සිදුවීම සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන්, වතු කම්කරුවන්, මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් සහ හැටන් පොලිසියේ නිලධාරීන් එක්ව කඩා වැටුණු ගස ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

පැයකට ආසන්න මෙහෙයුමකින් පසු මාර්ගයේ අවහිරතාව ඉවත් කර ඇති අතර, මේ වන විට රථවාහන ධාවනය සාමාන්‍ය පරිදි සිදුවේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න