හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශීය

කතරගම වනාන්තර මාර්ගය හෙට වසා දැමේ

කතරගම ආඩිවේල් උත්සවය වෙනුවෙන් බැතිමතුන් සඳහා විවෘත කර තිබූ කතරගම වනාන්තර මාර්ගය හෙට (24) පස්වරු 3.00ට වසා දැමීමට නියමිත බව බලධාරීන් පවසයි. මෙවර ආඩිවේල් උත්සවයට සහභාගී වීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්ව…

By Site Administrator··1 මිනිත්තු කියවීම
කතරගම වනාන්තර මාර්ගය හෙට වසා දැමේ

කතරගම ආඩිවේල් උත්සවය වෙනුවෙන් බැතිමතුන් සඳහා විවෘත කර තිබූ කතරගම වනාන්තර මාර්ගය හෙට (24) පස්වරු 3.00ට වසා දැමීමට නියමිත බව බලධාරීන් පවසයි.

මෙවර ආඩිවේල් උත්සවයට සහභාගී වීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වලින් පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුන් පා ගමනින් කතරගම බලා ගමන් කරමින් සිටිති.

බොහෝ බැතිමතුන් මේ වන විට උකන්ත මලේ මුරුගන් කෝවිල වෙත ළඟා වී ඇති අතර, එතැන් සිට වනාන්තර මාර්ගය ඔස්සේ කතරගම බලා ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

කතරගම වනාන්තර මාර්ගය පසුගිය 10 වනදා බැතිමතුන් සඳහා විවෘත කරන ලද අතර, විවෘත කළ පළමු දිනයේදී පමණක් බැතිමතුන් 12,000කට ආසන්න පිරිසක් එම මාර්ගය භාවිත කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව හෙට පස්වරු 3න් පසු කිසිදු බැතිමතෙකුට වනාන්තර මාර්ගයට ඇතුළුවීමට අවසර නොලැබෙන බව බලධාරීන් දැනුම් දී ඇත.

කතරගම ආඩිවේල් උත්සවය පසුගිය 15 වනදා කොඩි එසවීමේ චාරිත්‍රයෙන් ආරම්භ වූ අතර, ලබන 30 වනදා පැවැත්වෙන දිය කැපීමේ උත්සවයෙන් අවසන් වීමට නියමිතය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න