හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශීය

නිල බංගලා ජනතා හා වාණිජ භාවිතයට – අගමැතිනිය

ජනාධිපති මන්දිරය සහ හිටපු අමාත්‍යවරුන් සඳහා වෙන්කර තිබූ නිල බංගලා නිවාස නිල පදිංචි කටයුතු සඳහා භාවිත නොකර, ජනතා සහ වාණිජ ප්‍රයෝජන සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරමින් සිටින බව අග්‍රාමාත…

By Site Administrator··1 මිනිත්තු කියවීම
නිල බංගලා ජනතා හා වාණිජ භාවිතයට – අගමැතිනිය

ජනාධිපති මන්දිරය සහ හිටපු අමාත්‍යවරුන් සඳහා වෙන්කර තිබූ නිල බංගලා නිවාස නිල පදිංචි කටයුතු සඳහා භාවිත නොකර, ජනතා සහ වාණිජ ප්‍රයෝජන සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරමින් සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ ජනාධිපති මන්දිරය හෝ අමාත්‍යවරුන් සඳහා වෙන්කර ඇති නිල බංගලා භාවිත නොකිරීම බවද ඇය සඳහන් කළාය.

එම දේපළ අබලන් වීම වළක්වා ගනිමින් නඩත්තු කිරීම සහ ඒවා මහජන හා වාණිජ කටයුතු සඳහා පරිවර්තනය කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුවක් මගින් එම දේපළ වෙනත් ප්‍රයෝජන සඳහා යොදාගැනීමට නිර්දේශ ලබාදී ඇති අතර, ඒ අනුව ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවද ඇය සඳහන් කළාය.

හිටපු අමාත්‍ය නිල බංගලා කිහිපයක් මේ වන විට අධිකරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවත්, එමගින් අධිකරණ කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගෙන ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න