හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

අල හා එළවළු වගාවට නව රක්ෂණ ක්‍රමයක්

අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ. ඒ අනුව බතල, මඤ්ඤොක්කා, කිරි අල, බීට්, ගෝවා, කැරට්, ලීක්ස්, බටු, බණ්ඩක්කා, බෝංචි, මාළු මිරිස්,…

By Site Administrator1 මිනිත්තු කියවීම
අල හා එළවළු වගාවට නව රක්ෂණ ක්‍රමයක්

අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව බතල, මඤ්ඤොක්කා, කිරි අල, බීට්, ගෝවා, කැරට්, ලීක්ස්, බටු, බණ්ඩක්කා, බෝංචි, මාළු මිරිස්, තක්කාලි, කරවිල සහ වට්ටක්කා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත බෝග මෙම රක්ෂණ යෝජනා ක්‍රමයට ඇතුළත් වේ.

මූලික රක්ෂිත මුදලින් 7%ක වාරිකයක් ගෙවා මෙම රක්ෂණාවරණය ලබාගත හැකි අතර, ස්වාභාවික ආපදා, පාලනය කළ නොහැකි ශාක රෝග හා කෘමි හානි මෙන්ම වන අලි හානි හේතුවෙන් සිදුවන පාඩු සඳහා වගාකරුවන්ට වන්දි ලබාදීමට නියමිතය.

අවදානම් කළමනාකරණය කිරීම තුළින් ගොවීන් වගාව කෙරෙහි තවදුරටත් රඳවා ගැනීම මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න