හදිසි
Island edition
··
LankaNews
දේශීය

බම්බලපිටියේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 2026 ජූලි 19 වන දින සවස අලුත්ගම සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට බම්බලපිටිය පොලිසිය…

By Site Administrator1 මිනිත්තු කියවීම
බම්බලපිටියේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

2026 ජූලි 19 වන දින සවස අලුත්ගම සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට බම්බලපිටිය පොලිසිය වෙත ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 34ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න