නීති විරෝධී මත්පැන් තොග සමඟ සැකකරුවන් තිදෙනෙකු ප්‍රදේශ තුනකදී අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය, නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සිදුකළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව පොලිස් වසමේ දළුපොත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 52 මිලි ලීටර් 500ක් (බෝතල් 70ක්) සමඟ අවුරුදු 44ක් වයසැති කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම නාගොල්ලාගම පොලිස් වසමේ තල්කොටේවත්ත ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 78 මිලි ලීටර් 750ක් සමඟ අවුරුදු 36ක් වයසැති නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
තවද මහබාගේ පොලිස් වසමේ තොටුපල පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 150ක් (බෝතල් 200ක්) සමඟ අවුරුදු 36ක් වයසැති රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් මීගමුව, නාගොල්ලාගම සහ මහබාගේ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




