සීදූව පොලිස් වසමේ මීගමුව පාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙකු සහ සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2026 ජූලි 19 වන දින රාත්‍රී කාලයේ මෙම වැටලීම සිදුකර ඇත.
ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගණිකා වෘත්තියේ යෙදීම සඳහා එහි රැඳී සිටි සැකකාරියන් සිව්දෙනෙකුද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන හඳුන්තාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
සැකකාරියන් අවුරුදු 22ත් 30ත් අතර වයස්වල පසුවන අතර, ඔවුන් කොස්ගම, මාතලේ, කුරුණෑගල සහ අඹගමුව ප්‍රදේශවල පදිංචිකාරියන් බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




