හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
ව්‍යාපාර

බදු පැහැර හැරීම්වලට දැඩි නීති

බදු ගෙවීමේ වගකීම තිබියදී එය හිතාමතාම පැහැර හරින පුද්ගලයන්, ලියාපදිංචි නොවූ පුද්ගලයන් සහ බදු වාර්තා ඉදිරිපත් නොකරන ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. 2026…

By Site Administrator··1 මිනිත්තු කියවීම
බදු පැහැර හැරීම්වලට දැඩි නීති

බදු ගෙවීමේ වගකීම තිබියදී එය හිතාමතාම පැහැර හරින පුද්ගලයන්, ලියාපදිංචි නොවූ පුද්ගලයන් සහ බදු වාර්තා ඉදිරිපත් නොකරන ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

2026 ජූනි 3 වැනිදා සිට ක්‍රියාත්මක වූ දේශීය ආදායම් සංශෝධන පනත යටතේ, නියමිත කාලය තුළ අනුකූල නොවන බදු ගෙවන්නන්ට එරෙහිව නඩු පැවරීමට දෙපාර්තමේන්තුවට බලය ලබාදී ඇති බව සඳහන් කර ඇත.

ඒ අනුව, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවීම, ආදායම් බදු වාර්තා හෝ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම අපරාධ ලෙස සැලකේ.

අනුකූල නොවන බදු ගෙවන්නන්ට පළමුව නිල දැනුම්දීමක් ලබාදෙන අතර, එම දැනුම්දීමේ සිට අඩුපාඩු නිවැරදි කිරීමට දින 30ක කාලයක් ලබාදෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම කාලය තුළ අනුකූල නොවන්නේ නම්, අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි අතර, වරදකරුවන් බවට පත්වන පුද්ගලයන්ට රුපියල් 400,000 නොඉක්මවන දඩයක් හෝ මාස හයකට නොවැඩි සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකිය.

මෙම නීති ක්‍රියාත්මක කරනු ලබන්නේ බදු පැහැර හරින පුද්ගලයන් ඉලක්ක කරගනිමින් බවත්, නිසි ලෙස බදු ගෙවන පුරවැසියන්ට එය බලපාන්නේ නොමැති බවත් දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න