හදිසි
Island edition
··
LankaNews
දේශීය

නල්ලූර් උත්සවයට නව තහංචි 5ක්

නල්ලූර් කන්දස්වාමි දේවාලයේ වාර්ෂික මහෝත්සවය වෙනුවෙන් මෙවර කරුණු පහකට දැඩි තහංචි පනවා ඇති බව යාපනය මහ නගර සභාවේ නගරාධිපති මතිවදනි විවේකානන්දරාජා පවසයි. වාර්ෂික මහෝත්සවය ලබන අගෝස්තු 17 වැනිදා කොඩි එසවීම…

By Site Administrator1 මිනිත්තු කියවීම
නල්ලූර් උත්සවයට නව තහංචි 5ක්

නල්ලූර් කන්දස්වාමි දේවාලයේ වාර්ෂික මහෝත්සවය වෙනුවෙන් මෙවර කරුණු පහකට දැඩි තහංචි පනවා ඇති බව යාපනය මහ නගර සභාවේ නගරාධිපති මතිවදනි විවේකානන්දරාජා පවසයි.

වාර්ෂික මහෝත්සවය ලබන අගෝස්තු 17 වැනිදා කොඩි එසවීමේ උත්සවයෙන් ආරම්භ කිරීමට නියමිතය.

උත්සවයේ පෙර සූදානම් කටයුතු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී නගරාධිපතිවරිය සඳහන් කළේ, පසුගිය වසරවල ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙවර මෙම සීමා පනවා ඇති බවයි.

ඒ අනුව, උත්සව කාලය තුළ වෙළඳසැල්වල සිනමා ගීත වාදනය කිරීම, නර්තන හා විනෝදාස්වාද ක්‍රියාකාරකම් පැවැත්වීම තහනම් කර ඇති අතර, නීති උල්ලංඝනය කළහොත් ශබ්ද හා ආලෝක උපකරණ අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව සඳහන් කර ඇත.

එමෙන්ම ආගමික වැඩසටහන්වලට අදාළ නොවන දර්ශන, වීඩියෝ සහ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමද තහනම් කර තිබේ.

දේවාල පරිශ්‍රයේ ඩ්‍රෝන කැමරා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර, රතු සහ සුදු වර්ණයෙන් සලකුණු කර ඇති උත්සව කලාපය තුළ වෙළඳාම් කිරීම සහ යාචක කටයුතු සිදු කිරීමද තහනම් කර ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න