හදිසි
Island edition
··
LankaNews
දේශීය

චෙම්මනි මිනීවළට EU නියෝජිතයෝ

යාපනයේ චෙම්මනි සමූහ මිනීවළේ සිදුකෙරෙන කැණීම්වලින් මේ වන විට මානව ඇටසැකිලි 423ක් සොයාගෙන ඇති අතර, එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් එළඹෙන බදාදා (23) සංචාරයක නිරත වීම…

By Site Administrator1 මිනිත්තු කියවීම
චෙම්මනි මිනීවළට EU නියෝජිතයෝ

යාපනයේ චෙම්මනි සමූහ මිනීවළේ සිදුකෙරෙන කැණීම්වලින් මේ වන විට මානව ඇටසැකිලි 423ක් සොයාගෙන ඇති අතර, එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් එළඹෙන බදාදා (23) සංචාරයක නිරත වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාමන් මොරේනෝගේ නායකත්වයෙන් පැමිණෙන මෙම නියෝජිත පිරිසට ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය සහ නෙදර්ලන්තය යන රටවල තානාපතිවරුන්ද එක්වීමට නියමිතය.

චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධ නඩුව පසුගිය සතියේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී, මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා අධිකරණයේ අවසරය ඉල්ලා අයැදුම්පතක් ද ඉදිරිපත් කර තිබිණි.

පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ කළ කැණීම් කටයුතු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යාඥයන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ නීතීඥයන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරේ.

සිකුරාදා (17) වන විට තවත් මානව අස්ථි කොටස් 11ක් හඳුනාගෙන ඇති අතර, සමස්ත සොයාගත් ඇටසැකිලි සංඛ්‍යාව 423 දක්වා ඉහළ ගොස් ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න