හදිසි
2026 ඇසළ 17, සිකුරාදා
··
දේශීය

අතවර චෝදනාවට පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

මකුලුගස්වැව පොලිස් ස්ථානයේ සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ. පොලිස් ආරංචි මාර්ග…

By Site Administrator··1 මිනිත්තු කියවීම
අතවර චෝදනාවට පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

මකුලුගස්වැව පොලිස් ස්ථානයේ සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.

පොලිස් ආරංචි මාර්ග අනුව, අදාළ පොලිස් කොස්තාපල්වරයා පසුගිය ජූලි 15 වැනිදා දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක රාජකාරි නිමවා මකුලුගස්වැව පොලිස් ස්ථානයට පැමිණ තිබුණි.

එහිදී පුටුවක වාඩි වී සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියගේ උකුළ මත වාඩි වීමට උත්සාහ කර ඇති බවට ඇය පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සිදු කළ විමර්ශනයේදී අදාළ පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේ බීමතින් සිට ඇති බව අනාවරණය වී ඇත.

කාන්තා පොලිස් නිලධාරිනියට අතවර කිරීමට තැත් කිරීම සහ රාජකාරි අතරතුර බීමතින් සිටීම සම්බන්ධයෙන් සිදු කළ විනය විමර්ශනයෙන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කිරීමට සහකාර පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න