හදිසි
2026 ඇසළ 17, සිකුරාදා
··
ව්‍යාපාර

දියර කිරිට නව ආරක්ෂණ ප්‍රමිතිය

ශ්‍රී ලංකාවේ අලෙවි කරන සියලුම සකසන ලද දියර කිරි සඳහා උපරිම අවසර ලත් ඇෆ්ලටොක්සින් (Aflatoxin) සීමාවන් නියම කරමින් නව රෙගුලාසියක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) හඳුන්වා දී තිබේ. 2003 අංක 9 දරන ප…

By Site Administrator··1 මිනිත්තු කියවීම
දියර කිරිට නව ආරක්ෂණ ප්‍රමිතිය

ශ්‍රී ලංකාවේ අලෙවි කරන සියලුම සකසන ලද දියර කිරි සඳහා උපරිම අවසර ලත් ඇෆ්ලටොක්සින් (Aflatoxin) සීමාවන් නියම කරමින් නව රෙගුලාසියක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) හඳුන්වා දී තිබේ.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 12(2) වගන්තිය යටතේ නිකුත් කළ මෙම නියෝගය අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එය 2027 ජනවාරි 8 වැනිදා සිට බලාත්මක වේ.

නව රෙගුලාසියට අනුව, නියමිත ඇෆ්ලටොක්සින් සීමාව ඉක්මවන සකසන ලද දියර කිරි නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම හෝ බෙදාහැරීම තහනම් වේ. මෙම නියෝගය නිෂ්පාදකයන්, ආනයනකරුවන්, ඇසුරුම්කරුවන්, සැපයුම්කරුවන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ප්‍රවාහනකරුවන් සහ සිල්ලර හා තොග වෙළෙඳුන් ඇතුළු සමස්ත සැපයුම් දාමයටම අදාළ වේ.

ගැසට් නිවේදනයට අනුව, සකසන ලද දියර කිරිවල අඩංගු විය හැකි උපරිම ඇෆ්ලටොක්සින් ප්‍රමාණය කිලෝග්‍රෑමයකට මයික්‍රෝග්‍රෑම් 0.5 (0.5 µg/kg හෙවත් ppb) නොඉක්මවිය යුතු අතර, එය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) නිකුත් කළ SLS 1815 ප්‍රමිතියට අනුකූල වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ 2027 ජනවාරි 8 වැනිදා සිට මෙම ප්‍රමිතීන්ට අනුකූල වීම දියර කිරි සැපයුම් දාමයේ සියලු පාර්ශ්වයන්ට අනිවාර්ය වන බවයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න