මෙරට ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට භාවිත වන QR කේත ක්‍රමවේදය මේ අවස්ථාවේ ඉවත් කිරීමේ කිසිදු සැලසුමක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලෙහි අස්ථාවරත්වය සහ ගෝලීය දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් QR ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවයි.
ඔහු පැවසුවේ QR ක්‍රමය මඟින් ඉන්ධන පරිභෝජනය පාලනය කළ හැකි බැවින් සීමිත විදේශ විනිමය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට හැකිවන බවයි. එමෙන්ම ගෝලීය යුදමය තත්ත්වයන් උග්‍ර වුවහොත් ඉන්ධන හිඟයක් සහ දිගු පෝලිම් ඇතිවීම වළක්වා ගැනීමටද මෙම ක්‍රමය උපකාරී වන බව ඔහු සඳහන් කළේය.
වත්මන් ගෝලීය අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම් ජාලයට මෙතෙක් කිසිදු බාධාවක් එල්ල වී නොමැති බවත්, පාරිභෝගිකයන්ට අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පූර්ව ආරක්ෂිත පියවර ගෙන ඇති බවත් කළමනාකරණ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.




