කල්මුණ–මඩකලපුව මාර්ගයේ මරඳමුණේ ප්‍රදේශයේදී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සඳහන් කළේ, අද (16) උදෑසන කල්මුණ සිට මඩකලපුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී මාර්ගයේ ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් 36 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.
මෘත ශරීරය කල්මුණ උතුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන පෙරියනිලාවනි පොලිසිය විසින් සිදු කරයි.




