මධ්‍යම පළාත් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිරි වසර දෙක ඇතුළත මහනුවර නගරයේ ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හතරක් නිම කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ නාගරික සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ගැටඹේ ගුවන් පාලම, මහයියාව භූගත උමං මාර්ගය, විලියම් ගොපල්ලව මාවත පුළුල් කිරීම සහ ලුවිස් පීරිස් මාවත සංවර්ධනය යන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් සහ ක්ෂේත්‍ර පරීක්ෂණයක් 2026 ජූලි 15 වැනිදා අමාත්‍ය කේ. ඩී. ලල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
අමාත්‍යවරයා සඳහන් කළේ, මහනුවර නගරයේ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් ඉදිරි වසර දෙක තුළ මෙම ව්‍යාපෘති නිම කර ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බවයි.




