හදිසි
Island edition
··
LankaNews
තාක්ෂණය

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව

ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ මහනුවර නගරයට මෙට්‍රෝ බස් සේවාවක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දැනට ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී…

By Site Administrator1 මිනිත්තු කියවීම
මහනුවරට මෙට්‍රෝ බස් සේවාව

ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ මහනුවර නගරයට මෙට්‍රෝ බස් සේවාවක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දැනට ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය ගලගෙදර දක්වා දීර්ඝ කෙරෙන අතර, ඉදිරියේදී එය ගන්නෝරුව දක්වා සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ගලගෙදර–කටුගස්තොට පාලම පුළුල් කිරීමේ කටයුතු සහ පේරාදෙණිය පාලම ආසන්නයේ ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමේ කටයුතු ද මේ වන විට සිදුවෙමින් පවතී.

එමෙන්ම, පැරණි පේරාදෙණිය දුම්රිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසර අවසන් වීමට පෙර අවසන් කර එම මාර්ගයේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සහ පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීම මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න