ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ නිර්මාණය කර ඇති කෘත්‍රිම ගිණුම් (Synthetic Personas) සහ දේශපාලනික Deepfake වීඩියෝ මගින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මැතිවරණවල සාධාරණත්වයට දැඩි තර්ජනයක් එල්ල වෙමින් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙයි.
ස්වාධීන පර්යේෂක ආචාර්ය සංජන හත්තොටුව විසින් සකස් කරන ලද “From Bedrooms to Parliament: AI Women, Political Deepfakes, and Facebook’s Growing Failures” නම් වාර්තාවෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අනුකරණය කරමින් සකස් කළ AI වීඩියෝ දර්ශන 10ක් පිළිබඳව වාර්තාවේ අවධානය යොමු කර ඇති අතර, ඒවා නැරඹූ වාර ගණන ලක්ෂ 12ක් හෙවත් මිලියන 1.2කට අධික බව සඳහන් වේ.
අග්‍රාමාත්‍යවරිය කිසිදා නොපැවසූ ප්‍රකාශ ඇතුළත් කරමින් නිර්මාණය කළ එක් වීඩියෝවක් පමණක් වාර 324,000කට අධික සංඛ්‍යාවක් නරඹා තිබේ. එම වීඩියෝවෙන් මදුරුවන් සමලිංගිකයන් බවට පත් කිරීමෙන් ඩෙංගු මර්දනය කරන බවට අග්‍රාමාත්‍යවරිය පවසන ආකාරයක් ව්‍යාජ ලෙස නිරූපණය කර තිබේ.
වාර්තාවට අනුව, මුලදී වැඩිහිටි චැට්, සූදු, ක්‍රිප්ටෝකරන්සි සහ වෙනත් මූල්‍යමය ගමනාන්ත වෙත පරිශීලකයන් යොමු කිරීම සඳහා භාවිත කළ මෙම ව්‍යාජ කාන්තා ගිණුම් මේ වන විට දේශපාලනික අන්තර්ගත ප්‍රචාරය සඳහාද භාවිත කිරීමට පටන්ගෙන තිබේ.
අදාළ වීඩියෝ නිර්මාණය කිරීමට භාවිත කළ AI මෘදුකාංගයේ දිය සලකුණ පැහැදිලිව දැකගත හැකිව තිබුණද, ෆේස්බුක් විසින් එම වීඩියෝ AI මගින් නිර්මාණය කළ ඒවා බවට නිල ලේබලයක් ප්‍රදර්ශනය කර නොතිබූ බවද වාර්තාව හෙළිකරයි.
එම වීඩියෝ යටතේ අග්‍රාමාත්‍යවරියට එරෙහි ස්ත්‍රී පුරුෂභාවය පදනම් කරගත් අපහාසාත්මක ප්‍රකාශද පළ වී ඇති අතර, ඇතැම් පරිශීලකයන් එම ව්‍යාජ ප්‍රකාශ සැබෑ ඒවා ලෙස පිළිගෙන ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
මෙම කෘත්‍රිම ගිණුම් මගින් ගොඩනගා ඇති පද්ධතිය දේශපාලන බලපෑම් එල්ල කිරීමේ මෙහෙයුම් සඳහාද භාවිත කළ හැකි බව ආචාර්ය හත්තොටුව අනතුරු අඟවයි. ඉදිරි ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණවලට මෙන්ම මැතිවරණ අතරතුර දේශපාලන සංවාදයට සහ රාජ්‍ය පාලනයටද මෙවැනි කෘත්‍රිම මාධ්‍ය අහිතකර බලපෑම් ඇති කළ හැකි බව වාර්තාවේ විධායක සංක්ෂිප්තයෙන් පෙන්වා දෙයි.
මෙම කරුණු සැප්තැම්බර් 7 වැනිදා ලිපියක් මගින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ අවධානයටද යොමුකර තිබේ. ආචාර්ය සංජන හත්තොටුව විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත යොමු කළ එම ලිපියෙන් ෆේස්බුක්හි මව් සමාගම වන මෙටා ආයතනයෙන් වගකීම් සහගත ප්‍රතිචාරයක් ලබාගන්නා ලෙස ඉල්ලා ඇත.
සිංහල සහ දෙමළ භාෂාවලින් නිර්මාණය වන මෙවැනි වංචනික AI අන්තර්ගත හඳුනාගෙන ලේබල් කිරීම, ස්ත්‍රී පුරුෂභාවය පදනම් කරගත් අපහාසවලට විසඳුම් සෙවීම සහ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා හදිසි සමාලෝචනයක් සිදුකළ යුතු බවද එම ලිපියෙන් ඉල්ලා තිබේ.
මෙම තර්ජනය කිසියම් එක් දේශපාලන පක්ෂයකට පමණක් සීමා නොවන බවත්, AI ගිණුම් රජයට එරෙහිව මෙන්ම රජය වෙනුවෙන් පෙනී සිටිමින් දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිවද භාවිත කර ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.
කෘත්‍රිම දේශපාලනික අන්තර්ගත මගින් ඇතිවන අවදානම් පාලනය කිරීම සඳහා මෙටා ආයතනය, ශ්‍රී ලාංකික බලධාරීන්, මැතිවරණ කොමිෂන් සභාව සහ ස්වාධීන පර්යේෂකයන් අතර අඛණ්ඩ සහයෝගීතාවක් අවශ්‍ය බවද ආචාර්ය හත්තොටුව අවධාරණය කර තිබේ.




