හදිසි
Island edition
··
LankaNews
දේශීය

ඩෙංගු රෝගීන් 96,040ක්

2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 96,040 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය සඳහන් කළේ, අගෝස්තු මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 10,15…

By Site Administrator1 මිනිත්තු කියවීම
ඩෙංගු රෝගීන් 96,040ක්

2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 96,040 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය සඳහන් කළේ, අගෝස්තු මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 10,155 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

මේ වසරේ මේ දක්වා ඩෙංගු ආසාදනය හේතුවෙන් මරණ 72ක් වාර්තා වී තිබේ.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 50,760කි. දකුණු පළාතෙන් රෝගීන් 13,931ක්, මධ්‍යම පළාතෙන් 8,788ක් සහ සබරගමුව පළාතෙන් 7,910ක් වාර්තා වී ඇත.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 20,444කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,008ක්, කළුතරින් 6,181ක්, මහනුවරින් 7,043ක් සහ මාතරින් 6,154ක් වාර්තා වී තිබේ.

මේ අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 50ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න