හදිසි
Island edition
··
LankaNews
දේශීය

වියළි කාලගුණයෙන් අක්කර 8,000ක වගා හානි

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට අක්කර 8,000කට ආසන්න ගොවිබිම් ප්‍රමාණයක වගා හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් ක…

By Site Administrator1 මිනිත්තු කියවීම
වියළි කාලගුණයෙන් අක්කර 8,000ක වගා හානි

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට අක්කර 8,000කට ආසන්න ගොවිබිම් ප්‍රමාණයක වගා හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේ මෙම වගා හානි හේතුවෙන් ගොවීන් 7,000කට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි.

මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුරය සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ගොවිබිම් වියළි කාලගුණයෙන් හානියට පත්ව ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී තිබේ.

හානියට පත් වගාබිම් නිරීක්ෂණය කරමින් හානියේ ප්‍රමාණය තක්සේරු කිරීම මේ වනවිට සිදුකරන බවද සභාපතිවරයා පැවසීය.

මෙම කන්නය අවසන් වීමට පෙර වගා හානි සඳහා වන්දි ලබාදීමට නියමිත අතර, ඒ සඳහා මේ වනවිට රුපියල් මිලියන 3,000ක මුදලක් වෙන් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

වියළි කාලගුණය හේතුවෙන් හානියට පත් සියලු ගොවිබිම්වල හානි තක්සේරු කර වන්දි ලබාදීමට කටයුතු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න