හදිසි
Island edition
··
LankaNews
දේශීය

පොත් බදු හේතුවෙන් කතුවරුන් 60%ක් වෙනත් රැකියාවලට

මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුළ කතුවරුන්ගෙන් සියයට 50ත් 60ත් අතර ප්‍රමාණයක් වෙනත් රැකියා සඳහා යොමුව ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි. එමෙන්ම, පොත් ප්…

By Site Administrator1 මිනිත්තු කියවීම
පොත් බදු හේතුවෙන් කතුවරුන් 60%ක් වෙනත් රැකියාවලට

මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුළ කතුවරුන්ගෙන් සියයට 50ත් 60ත් අතර ප්‍රමාණයක් වෙනත් රැකියා සඳහා යොමුව ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.

එමෙන්ම, පොත් ප්‍රකාශන ආයතනවලින් සියයට 40ක් පමණ මේ වනවිට ක්ෂේත්‍රයෙන් ඉවත්ව ඇති බව එම සංගමය සඳහන් කරයි.

2023 වසරේදී මුද්‍රිත පොත් සඳහා පළමු වරට පනවන ලද වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් පොත්වල මිල ඉහළ යාම සහ අලෙවිය පහත වැටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බව එම සංගමය පෙන්වා දෙයි.

ලෝකයේ රටවල්වලින් සියයට 95ක් පමණ මෙන්ම ආසියාවේ කිසිදු රටක් මුද්‍රිත පොත් සඳහා බදු අය නොකරන බවද එම සංගමය පවසයි.

ඒ අනුව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති වැට් ඇතුළු බදු කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ගාමිණී මොරගොඩ මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම බදු තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් මෙරට ලේඛන කලාව සහ කියවීමේ සංස්කෘතියට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි.

එමෙන්ම, පොත් සඳහා පනවා ඇති බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඇති බවත්, පසුගිය පොත් ප්‍රදර්ශනයේදී මේ සම්බන්ධයෙන් පෙත්සමක්ද ඉදිරිපත් කළ බවත් ගාමිණී මොරගොඩ මහතා සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න