හදිසි
Island edition
··
LankaNews
දේශීය

බන්ධනාගාර 5ක ගැටුම්වලින් රු. මිලියන 225කට අධික හානි

මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට පිහිටි බන්ධනාගාර පහක ඉකුත් දිනවල ඇති වූ උණුසුම් තත්ත්වයන් හේතුවෙන් රුපියල් මිලියන 225කට අධික දේපළ හානියක් සිදුව ඇති බව වාර්තා වේ. ජනාධිපති අනුර කුමාර දිසානාය…

By Site Administrator1 මිනිත්තු කියවීම
බන්ධනාගාර 5ක ගැටුම්වලින් රු. මිලියන 225කට අධික හානි

මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට පිහිටි බන්ධනාගාර පහක ඉකුත් දිනවල ඇති වූ උණුසුම් තත්ත්වයන් හේතුවෙන් රුපියල් මිලියන 225කට අධික දේපළ හානියක් සිදුව ඇති බව වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැති ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභා රැස්වීමේදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

බන්ධනාගාර තුළ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කර ඇති අතර, රැඳවියන් අතර ඇති වන නොසන්සුන්කාරී හැසිරීම් පාලනය කිරීම සඳහා ඉදිරියේදී මනෝ වෛද්‍යවරුන්ගේ සේවය සක්‍රියව ලබාගැනීමට ද තීරණය කර ඇත.

පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරයෙන් ආරම්භ වූ මෙම නොසන්සුන්තාව පසුව අගෝස්තු 01 වැනිදා මහර බන්ධනාගාරයටත්, අගෝස්තු 06 වැනිදා කොළඹ නව මැගසින් බන්ධනාගාරයටත් පැතිර ගියේය.

එමෙන්ම අගෝස්තු 07 වැනිදා කුරුවිට බන්ධනාගාරයේ සහ පල්ලන්සේන තරුණ වැරදිකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ ද මෙවැනිම ගැටුම්කාරී තත්ත්වයන් හටගෙන තිබේ.

මෙම සිදුවීම් අතරින් මීගමුව සහ මහර බන්ධනාගාරවලට වඩාත් දැඩි දේපළ හානි සිදුව ඇති බවද රැස්වීමේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න