හදිසි
Island edition
··
LankaNews
දේශීය

ජලාශවල සමස්ත ජල ධාරිතාව 47.3%ක්

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ ජලාශවල ගබඩා වී ඇති සමස්ත ජල ධාරිතාව 47.3%කට ආසන්න බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි. එම…

By Site Administrator1 මිනිත්තු කියවීම
ජලාශවල සමස්ත ජල ධාරිතාව 47.3%ක්

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ ජලාශවල ගබඩා වී ඇති සමස්ත ජල ධාරිතාව 47.3%කට ආසන්න බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි.

එම ජලාශ අතරින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශවල ගබඩා වී ඇති ජල මට්ටම 34.4%ක් පමණ වන බවද ඒ මහතා සඳහන් කළේය.

අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි ජලාශවල ජල මට්ටම 20%කට ආසන්න බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මේ වන විට යල කන්නයේ අවසන් අදියරට පැමිණ ඇති බැවින් පවතින ජල ප්‍රමාණය මෙම කන්නයේ කටයුතු සඳහා ප්‍රමාණවත් බව ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම, මෙම ජලාශ ආශ්‍රිතව පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ප්‍රදේශ සඳහාද ඉදිරි වර්ෂාපතනය ලැබෙන තෙක් පවතින ජල ප්‍රමාණය ප්‍රමාණවත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් ජලාශවලින් වාෂ්පීකරණය වන ජල ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින්, වගා කටයුතු සහ පානීය ජල අවශ්‍යතා සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඉදිරි මහ කන්නය සඳහා වන සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවත්, මහ කන්නය ආරම්භ කිරීමේදී පවතින ජල ප්‍රමාණය සම්බන්ධයෙන් කන්න රැස්වීම්වලදී ගනු ලබන තීන්දු අනුව හැකි ඉක්මනින් වගා කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න