මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වා දිවයින පුරා ඖෂධ අලෙවි සල් 362ක වැටලීම් සහ විමර්ශන සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
එමෙන්ම, මේ වසරේ මේ දක්වා විශේෂ ඖෂධ අලෙවි සල් වැටලීම් 471ක් ක්‍රියාත්මක කර ඇති බවද එම අධිකාරිය පවසයි.
අදාළ කාලසීමාව තුළ පවරන ලද නඩු සඳහා අධිකරණ මගින් රුපියල් 2,269,500ක දඩ මුදලක් නියම කර තිබේ.
මේ අතර, පසුගිය 03 සහ 04 යන දෙදින තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ ඖෂධ අලෙවි සල් වැටලීම් සහ විමර්ශන වැඩසටහන යටතේ ඖෂධ අලෙවි සල් 109ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර වැටලීම් 86ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර ඇත.




