හදිසි
Island edition
··
LankaNews
දේශීය

තීරු බදු රහිත දුම්වැටි 34,000ක් සමඟ දෙදෙනෙක් දැලේ

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 34,000ක් (කාටුන් 170ක්) සමඟ සැකකාරියක් සහ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ති…

By Site Administrator1 මිනිත්තු කියවීම
තීරු බදු රහිත දුම්වැටි 34,000ක් සමඟ දෙදෙනෙක් දැලේ

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 34,000ක් (කාටුන් 170ක්) සමඟ සැකකාරියක් සහ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (16) උදෑසන ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාරිය 27 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකරු 33 හැවිරිදි පුද්ගලයෙකි. ඔවුන් දෙදෙනාම මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න