හදිසි
Island edition
··
LankaNews
දේශීය

රජයේ වී තොගයෙන් සහල් මෙට්‍රික්ටොන් 30,000ක් වෙළෙඳපොළට

රජය විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය සතු වී තොගවලින් වී මෙට්‍රික්ටොන් 30,000ක් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ…

By Site Administrator1 මිනිත්තු කියවීම
රජයේ වී තොගයෙන් සහල් මෙට්‍රික්ටොන් 30,000ක් වෙළෙඳපොළට

රජය විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය සතු වී තොගවලින් වී මෙට්‍රික්ටොන් 30,000ක් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

පසුගිය 22 වැනිදා පැවැති 34 වැනි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී වී අලෙවි මණ්ඩලය සතු වී තොග සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මගින් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීම නිර්දේශ කර තිබුණි.

ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

එහිදී වී මෙට්‍රික්ටොන් 30,000ක් සහල් බවට පත්කර කිලෝග්‍රෑම් 5, 10, 25 සහ 50 ඇසුරුම් ලෙස සැපයීම සඳහා වී අලෙවි මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන්ගෙන් අභිලාෂ කැඳවීමට සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අවසර ලබාදී තිබේ.

වී සහල් බවට පරිවර්තනය කිරීමේ අනුපාතය සහ සහල් සඳහා සුදුසු මිල තීරණය කිරීම සඳහා මිල කමිටුවක් මගින් කටයුතු කිරීමටද තීරණය කර ඇත.

එම මිල කමිටුව වී අලෙවි මණ්ඩලය, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව, ලංකා සතොස, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය යන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විතය.

නිෂ්පාදනය කෙරෙන සහල් ලංකා සතොස, සමුපකාර ජාලය සහ පෞද්ගලික අංශය හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න