හදිසි
Island edition
··
LankaNews
දේශීය

මාස 3කින් නිවාස 16ක් ඉදිවේ

‘ඩිඩ්වා’ ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් සඳහා රජය ක්‍රියාත්මක කරන විශේෂ නිවාස ව්‍යාපෘතිය මාස තුනක් තුළ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා තිබේ. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය…

By Site Administrator1 මිනිත්තු කියවීම
මාස 3කින් නිවාස 16ක් ඉදිවේ

‘ඩිඩ්වා’ ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් සඳහා රජය ක්‍රියාත්මක කරන විශේෂ නිවාස ව්‍යාපෘතිය මාස තුනක් තුළ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා තිබේ.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 30 වැනිදා මහියංගනය මැදයාය ග්‍රාම නිලධාරී වසමේ පොලිස් පුහුණු පාසල ආසන්න රජයේ ඉඩමක මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

පළමු අදියර යටතේ සම්පූර්ණයෙන්ම නිවාස අහිමි වූ පවුල් 11ක් සඳහා නව නිවාස ඉදිකිරීම ආරම්භ කළ අතර, එක් ප්‍රතිලාභියෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් ද ප්‍රදානය කෙරිණි.

මේ වන විට එම නිවාස 11ම වහල මට්ටම දක්වා ඉදිකර අවසන් කර ඇති අතර, එම භූමියේම තවත් නිවාස 5ක ඉදිකිරීම් ද ආරම්භ කර තිබේ. ඒ අනුව සමස්ත නිවාස 16ක් කඩිනමින් ඉදිකෙරෙමින් පවතී.

දෙවන අදියර සඳහා මුදල් වෙන් වූ වහාම ඉතිරි වැඩ අවසන් කිරීමට සූදානම් බව ප්‍රතිලාභීන් පවසයි. මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ආපදාපීඩිත ජනතාවට කෙටි කාලයකින් ස්ථිර නිවාස ලබාදෙන ආදර්ශවත් වැඩසටහනක් ලෙස සැලකේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න