හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

රු. බිලියන 2.9ක බදු පොල්ලක් – පොල්තෙල් සමාගම් 5ක් ගැන හෙළිදරව්වක්

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් විසින් 2024 වසරට අදාළව රුපියල් මිලියන 2,891ක හිඟ බදු මුදලක් ගෙවීමට ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රක…

By Site Administrator2 මිනිත්තු කියවීම
රු. බිලියන 2.9ක බදු පොල්ලක් – පොල්තෙල් සමාගම් 5ක් ගැන හෙළිදරව්වක්

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් විසින් 2024 වසරට අදාළව රුපියල් මිලියන 2,891ක හිඟ බදු මුදලක් ගෙවීමට ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

එම හිඟ බදු මුදලින් රුපියල් මිලියන 2,723ක් එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර, රුපියල් මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අදාළ සමාගම් පහ සඳහා බදු තක්සේරු ඉදිරිපත් කර ඇති අතර, එම සමාගම් ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇති බවද ඔහු පැවසීය. කෙසේ වෙතත්, කිසිදු සමාගමකට අදාළ බදු සම්බන්ධයෙන් සහනයක් ලබාදී නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, අදාළ සමාගම් හයෙන් එක් සමාගමක් 2024 වසර සඳහා VAT ලෙස රුපියල් මිලියන 2,429ක් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ලෙස රුපියල් මිලියන 434ක් ගෙවා ඇති බවද ඔහු පැවසීය.

2024 වසරේ සිට මේ වසරේ ජූනි මාසය දක්වා කාලය තුළ හිඟ බදු ලෙස රුපියල් මිලියන 9,700ක් අය කරගැනීමට ඇති බවට මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ අතර, එතරම් කාලයක් බදු අයකර නොගැනීම සැකයට හේතුවක් බවද සඳහන් කළේය.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අදාළ සමාගම් විසින් අභියාචනා ඉදිරිපත් කර ඇති බැවින් බදු අයකර ගැනීම ප්‍රමාද වී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ අභියාචනා අවසන් වන තෙක් හිඟ බදු අය කරගැනීම අපහසු බවත්, ඇතැම් සමාගම් තම ආයතනවල නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු නොවන බව පෙන්වා දෙමින් කරුණු ඉදිරිපත් කර ඇති බවත්ය. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතයද විමසා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න