හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

“සිලෝන් ටී විලේජ්” ව්‍යාපෘතියට අමතර රු.237 මිලියන ප්‍රතිපාදන

“සිලෝන් ටී විලේජ්” තේ ගම්මාන 500 ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා රුපියල් මිලියන 237කට වැඩි අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන තිබේ. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද තේ ගම්මාන 144හි ආ…

By Site Administrator1 මිනිත්තු කියවීම
“සිලෝන් ටී විලේජ්” ව්‍යාපෘතියට අමතර රු.237 මිලියන ප්‍රතිපාදන

“සිලෝන් ටී විලේජ්” තේ ගම්මාන 500 ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා රුපියල් මිලියන 237කට වැඩි අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන තිබේ.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද තේ ගම්මාන 144හි ආදර්ශ තේ වගාවක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 68ක් සහ ප්‍රමිතියෙන් යුතු තේ පැළ තවාන් සකස් කිරීම සඳහා රුපියල් මිලියන 169ක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් වෙන් කිරීමට සැලසුම් කර ඇත.

2030 වසර වන විට මෙරට නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීම සහ තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි කිරීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් මෙම “සිලෝන් ටී විලේජ්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න