හදිසි
Island edition
··
LankaNews
දේශීය

බන්ධනාගාර නවයක පතුරම් 2,327ක් භාවිතයට නුසුදුසුයි

බන්ධනාගාර ආයතන නවයක විවිධ ගිනිඅවි සඳහා භාවිත කරන පතුරම් 2,327ක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින බව හඳුනාගෙන තිබුණද, එම පතුරම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත…

By Site Administrator1 මිනිත්තු කියවීම
බන්ධනාගාර නවයක පතුරම් 2,327ක් භාවිතයට නුසුදුසුයි

බන්ධනාගාර ආයතන නවයක විවිධ ගිනිඅවි සඳහා භාවිත කරන පතුරම් 2,327ක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින බව හඳුනාගෙන තිබුණද, එම පතුරම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

අඟුණකොළපැලැස්ස, බූස්ස, බෝගම්බර, කළුතර, අනුරාධපුර, කොළඹ මැගසින්, මොනරාගල, වටරැක සහ වාරියපොල බන්ධනාගාරවල තිබූ ජීව පතුරම් මෙලෙස භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවති බව වාර්තාවේ දැක්වේ.

එමෙන්ම බන්ධනාගාර ආයතන නවයක ගිනිඅවි 191ක් අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පැවති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

බන්ධනාගාර ආයතන 27කින් ලබාගත් තොරතුරු අනුව, ආරක්ෂක උපකරණ සහ ආයුධ 1,038ක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවතීම හේතුවෙන් එම ආයතනවල ඒවායේ හිඟයක් පැවති බවද ජාතික විගණන කාර්යාලය පවසයි.

තවද, බන්ධනාගාර ආයතන නවයක තිබූ ගිනිඅවි 62ක්, මැගසින් 50ක් සහ පතුරම් 1,278ක් විමර්ශන කටයුතු සඳහා අධිකරණ සහ පොලිස් ස්ථාන වෙත භාරදී වසර තුනක සිට අවුරුදු 31ක් දක්වා කාලයක් ගතවී තිබුණද, මේ වසරේ අප්‍රේල් දක්වා ඒවා නිසි පරිදි නැවත ලබාගෙන නොතිබූ බව වාර්තාවේ සඳහන් වේ.

මේ හේතුවෙන් කැරලිකාරී තත්ත්වයන්හිදී නිලධාරීන්ට එවැනි තත්ත්වයන්ට මුහුණදීමේදී ගැටලු මතුවිය හැකි බවත්, අධිකරණ රාජකාරි, විශේෂ රෝහල් රාජකාරි සහ ආරක්ෂක රාජකාරි කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවත් වාර්තාවේ දැක්වේ.

මෙම තොරතුරු ඇතුළත් වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න