2027 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය අද (01) සිට ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ඒ අනුව, බලපත්‍ර හිමියන්ට 2026 දෙසැම්බර් 31 වැනිදා දක්වා සිය ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගැනීමට අවස්ථාව හිමි වේ.
අදාළ සුදුසුකම් සපුරා ඇති ගිනිඅවි හිමියන්ට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීම සඳහා මාස හතරක කාලයක් ලබාදී ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම, අදාළ බලපත්‍රය අලුත් නොකර ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම ගිනිඅවි ආඥාපනතේ 22 වැනි වගන්තිය යටතේ වරදක් බවද ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.
එවැනි නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග සහ දඬුවම් පැනවිය හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී ඇත.




