හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශීය

2015 සිට ළමා අපයෝජන පැමිණිලි 108,581ක්

2015 සිට 2025 දක්වා කාලය තුළ ජාතික ළමා රක්ෂක අධිකාරිය (NCPA) වෙත ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 108,581ක් ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය.…

By Site Administrator··2 මිනිත්තු කියවීම
2015 සිට ළමා අපයෝජන පැමිණිලි 108,581ක්

2015 සිට 2025 දක්වා කාලය තුළ ජාතික ළමා රක්ෂක අධිකාරිය (NCPA) වෙත ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 108,581ක් ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය.

ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ, 2026 අප්‍රේල් 30 වන විට ළමා අපයෝජන සම්බන්ධ නඩු 4,421ක් මහාධිකරණ හමුවේ විභාග වෙමින් පවතින බවයි.

එම නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය, පොලිස් ළමා හා කාන්තා රක්ෂණ කාර්යාංශ 47ක් සහ ජාතික ළමා රක්ෂක අධිකාරිය එක්ව කටයුතු කරන බව ද ඇය පැවසුවාය.

අපයෝජනයට ලක්වූ ළමුන් අධිකරණය හමුවේ පෙනී සිටීමේ අවශ්‍යතාව අවම කිරීම සඳහා ආරක්ෂිත පරිසරයකදී වීඩියෝ සාක්ෂි සටහන් කර ඒවා නීතිමය සාක්ෂි ලෙස භාවිත කිරීමට පියවර ගනිමින් සිටින බවත්, ඒ සඳහා පළාත් නවය තුළ වීඩියෝ සාක්ෂි ඒකක නවයක් පිහිටුවීමට අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

මේ අතර, 2026 වසරේ ජනවාරි 1 සිට ජූනි 30 දක්වා කාලය තුළ ළමා අපයෝජන සිදුවීම් ඇතුළු ළමුන් සම්බන්ධ පැමිණිලි 5,523ක් ජාතික ළමා රක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව ද අනාවරණය විය.

එම පැමිණිලි අතර ළමා කෲරත්වයන්, ලිංගික අපයෝජන, ළමුන් පැහැරගෙන යාම්, වාණිජමය ලිංගික සූරාකෑම්, ළමා ශ්‍රමය, නව යොවුන් ගැබ්ගැනීම්, ළමා විවාහ, සයිබර් හිංසන සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ සිද්ධීන් ද ඇතුළත් වේ.

ජාතික ළමා රක්ෂක අධිකාරිය සඳහන් කළේ, මෙම සංඛ්‍යාලේඛන මගින් ළමා ආරක්ෂණ යාන්ත්‍රණ තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ වරදකරුවන්ට එරෙහිව කාලෝචිත නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය වන බවයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න