හදිසි
Island edition
··
LankaNews
දේශීය

මත්ද්‍රව්‍ය තොරතුරු සඳහා 1818 පැය 24ම

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකය මේ වන විට පැය 24 පුරා ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිව…

By Site Administrator1 මිනිත්තු කියවීම
මත්ද්‍රව්‍ය තොරතුරු සඳහා 1818 පැය 24ම

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකය මේ වන විට පැය 24 පුරා ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් හෝ ඊට අදාළ ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදීම සඳහා මෙම දුරකථන අංකය හඳුන්වා දී තිබේ.

තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන අතර, ලැබෙන තොරතුරු මත පදනම්ව කඩිනමින් ක්‍රියාත්මක වීමද මෙම සේවාවේ විශේෂත්වයකි.

මෙම සේවාව ජනාධිපති කාර්යාලයේ සහ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න