හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

කංසා ජාවාරම්කරුගේ රු. මිලියන 180ක දේපොළ තහනම්

මහා පරිමාණ කංසා ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘බතල හීන් මහත්තයා’ නමින් හඳුන්වන ජයසිංහ ආරච්චිගේ හේමන්ත නමැත්තා විසින් නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 180ක් වටිනා දේපොළ දින 14ක කාලයක් සඳහ…

By Site Administrator1 මිනිත්තු කියවීම
කංසා ජාවාරම්කරුගේ රු. මිලියන 180ක දේපොළ තහනම්

මහා පරිමාණ කංසා ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘බතල හීන් මහත්තයා’ නමින් හඳුන්වන ජයසිංහ ආරච්චිගේ හේමන්ත නමැත්තා විසින් නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 180ක් වටිනා දේපොළ දින 14ක කාලයක් සඳහා තහනම් කිරීමට පොලිස් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.

සැකකරු නීතිවිරෝධී ලෙස වත්කම් රැස්කර ඇති බවට පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සැකකරු සහ ඔහුගේ බිරිඳගේ නම්වලින් තඹුත්තේගම, කිරවල්වත්ත සහ මිදෙනිය ප්‍රදේශවල මිලදී ගෙන ඇති ඉඩම්, ගොඩනැගිලි, කඩකාමර සහ නිවාස ඇතුළු දේපොළ අටක් මෙලෙස දින 14කට තහනම් කර තිබේ.

මේ අතර, සැකකරුගේ දෙවැනි පුත්‍රයාගේ නමින් රුපියල් මිලියන 35ක් වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් ද මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පුත්‍රයාට එරෙහිව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දැනටමත් නඩු පවරා ඇති අතර, ජීප් රථයද නීතිවිරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව, 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ එම ජීප් රථයද දින 14ක කාලයක් සඳහා තහනම් කිරීමට නියෝග කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න